Loading...

වැරදි හදාගත් සිංහ කොල්ලෝ සිම්බාබ්වේ සමඟ විස්සයි තරඟාවලිය ජයග්‍රාහීව අවසන් කරයි

සත්කාර සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරඟයෙන් කඩුලු 8ක විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (07) සමත් වුණා.

මේ අනුව තරඟ 3කින් යුත් තරඟාවලිය තරඟ 2 – 1ක් ලෙස අවසන් කරමින් තරඟාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 191ක් ලබා ගැනීමට සමත් වුණා.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Tadiwanashe Marumani ලකුණු 51ක් ලබා ගත්තා.

ලකුණු 192ක් හඹා යාමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 2කදී කඩුලු 2ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය යාමට සමත් වුණා.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් යොවුන් ක්‍රීඩක කමිල් මිශාර නොදැවී ලකුණු 73ක් ලබාගත් අතර ඊට හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් ඇතුළත්.

කුසල් ජනිත් නොදැවී ලකුණු 46යි.

තරඟයේ වීරයා සම්මානය කමිල් මිශාර දිනාගත් අතර තරඟාවලියේ කඩුලු 8ක් දවාගත් දුෂ්මන්ත චමීර තරඟාවලියේ සම්මානය දිනාගනු ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *