Loading...

කෙහෙළියගේ අල්ලස් නඩුවට දින නියම වෙයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙක්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය දින නියම වී තිබෙනවා.

2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ දී ශ්‍රී ලංකා රුපවාහිනි සංස්ථාවේ රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් වැය කර දේශපාලන ක්‍රියාකාරකම් සඳහා GI බට මිලඳී ගැනීමේ සිද්ධියක් පිළිබඳව මෙම විත්තිකරුවන්ට චෝදනා එල්ල වී ඇති බව සඳහන්.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ මෙම නඩුව අද (04) කැඳවා තිබුණා.

මේ අනුව අල්ලස් කොමිසම විසින් එවක ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඔහු ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති විමල් රුබසිංහ මහතා සහ හිටපු අධ්‍යක්ෂක ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන මහත්වරුන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

නඩු විභාගය වන අවස්ථාවේදී සඳහා දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද අධිකරණයට ඉදිරිපත් කර තිබූ බවයි වාර්තා වන්නේ.

ඉන්පසු නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණ අවසන් කළ විනිසුරුවරයා නඩු විභාගය සඳහා අගෝස්තු මස 29 වනදා කැඳවන ලෙස නියෝග කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *