සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වළක්වාලමින් බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා.
එම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් අකර තිබුණා.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසුරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදී ඇති බව වාර්තා වනවා.
මේ අතර මෙම කරුණට අදාළව මාවතගම සහ සීතාවක නගර සභා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු පෙත්සම් ද නිෂ්ප්‍රභ කර තිබෙනවා.








Leave a Reply