ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යේෂ්ඨම ක්‍රිකට් ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.
සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ ලබන ජුනි මසදී බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් පසු තමා ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදෙන බවයි.
සීමිත පන්දුවාර තරඟ සඳහා තම සහාය අවශ්‍ය ඕනෑම අවස්ථාවක තමා සුදානම් බවද ඔහු මෙම දැනුම් දීමදී සඳහන් කර තිබෙනවා.
2009 වසරේ දී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් වරම් හිමිකරගත් මැතිව්ස් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවන් අතර තෙවන ස්ථානයේ රැඳී සිටිනවා.
කුමාර් සංගක්කාර ටෙස්ට් ලකුණු 12400 හා මහේල ජයවර්ධන ටෙස්ට් ලකුණු 11814 පමණක් පසුපසින් සිටින ඔහු ටෙස්ට් ලකුණු 8167ක් රැස්කර තිබෙනවා.
මේ වනවිට 37 වියේ පසුවන ඇන්ජෙලෝ මැතිව්ස් ටෙස්ට් ශතක 16ක් හා අර්ධ ශතක 45කට හිමිකම් කියනු ලබනවා.








Leave a Reply