Loading...

හදිසි විදුලි බිඳවැටීමක් නිසා ස්පාඤ්ඤය සහ පෘතුගාලය අදුරු වෙයි

ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ ඊයේ (28) හදිසි විදුලිය විසන්ධි වීමක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට වේලාවෙන් ඊයේ (28) අලුයම මෙම ඇනහිටීම දිවයින පුරා සිදුව ඇති බවයි.

විදුලිය ඇනහිටීම හේතුවෙන් ගුවන් ගමන්වලට ද බාධා මතුව ඇති බවත් දෙරට පිහිටි මැඩ්රිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ ලිස්බන්හි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද වසා දැමීමට ද පියවර ගෙන තිබෙනවා.

මේ අතර ස්පාඤ්ඤය සහ පෘතුගාලයේ විදුලි සංදේශ කටයුතු ද අඩාල වී ඇති බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් ජංගම දුරකථන ජාල වෙත ද දැඩි බලපෑම් එල්ල වී ඇති බව සඳහන්.

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නගර මධ්‍යයේ අලෝක සංඥා පුවරු ක්‍රියා විරහිත වීම හේතුවෙන් එරට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

ස්පාඤ්ඤයේ ජාතික දුම්රිය සමාගම වන රෙන්ෆේ සමාගම පවසන්නේ, විදුලි බලය ඇනහිටීම හේතුවෙන් දුම්රිය ධාවනයද අඩාලවී ඇති බවයි.

කෙසේ වෙතත් ස්පාඤ්ඤයේ උතුරු ප්‍රදේශයේ සහ දකුණු ප්‍රදේශයේ විදුලිය නැවත යථා තත්ත්වයට පත් කිරීමට එරට විදුලිබල අංශය කටයුතු කරමින් සිටින බවද එරට මාධ්‍ය වාර්තා කර ඇති බව සඳහන්.

ස්පාඤ්ඤයේ දැනට සිදුව ඇති විදුලි කප්පාදුව නැවත යථා තත්ත්වයට පත් කිරීමට පැය 10ක පමණ කාලයක් ගත විය හැකි බව එරට විදුලිබල අංශය ප්‍රකාශ කර ඇති අතර පෘතුගාලය පූරා පවතින විදුලි බිඳ වැටීම යළි යථා තත්ත්වයට පත් කිරීමට සතියක පමණ කාලයක් ගත විය හැකි බව පෘතුගාලයේ බලශක්ති සමාගමක් වන REN සමාගම පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *