මත්පැන් නිෂ්පාදන ආයතන 39ක් රුපියල් කෝටි 725ක පමණ බදු මුදල් ප්‍රමාණයක් රජයට ගෙවීම පැහැර හැර ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.
ඔවුන් නිකුත් කළ නවතම නිවේදනයක මේ බව සඳහන්ව තිබෙනවා.
මත්පැන් නිෂ්පාදන ආයතන 13කින් රුපියල් කෝටි 715ක් ද රානිෂ්පාදන ආයතන 13කින් රුපියල් ලක්ෂ 62ට වැඩි මුදලක් ද මත්පැන් ස්කාගාර තුනකින් රුපියල් කෝටි 3කට වැඩි මුදලක් ද වශයෙන් බදු ගෙවීම මෙලෙස පැහැර ඇති බව එම වාර්තාවේ දැක්වෙනවා.
ඊට අමතරව මත්පැන් නිෂ්පාදන ආයතන 4කින් හිඟ බදු වශයෙන් රුපියල් කෝටි 7කට ආසන්න මුදලක් ද පවතින බවද විගණන අංශය පෙන්වා දෙනවා.
2023 වසරේ දෙසැම්බර් 31 දින විගණනයට ඉදිරිපත් කළ හිඟ ආදායම් වාර්තා අනුව මෙම ගණනය කිරීම සිදුකර තිබෙනවා.
විගණන කාර්යාල පවසන්නේ සුරාබදු නිවේදනවල විධිවිධාන ප්‍රකාරව හිඟ ආදායම අය කරගැනීමට කටයුතු කර නොතිබූ බවත් මුළු හිඟ සුරාබදු ආදායම ක්‍රමයෙන් වැඩිවීමක් නිරීක්ෂණය වන බවත්ය.
මේ අතර බීඩි කර්මාන්තයේ නිරත ආයතන 318කින් ආයතන 211 ලියාපදිංචි අලුත් කර නොතිබූ බව හෙළිව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පසු විපරමක් කර නොතිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වනවා.
ලියාපදිංචි කර තිබූ අනෙක් ආයතන 106න් 2023 වසරේ දී කිසිඳු බදු මුදලක් අය වී නොතිබූ බව සඳහන් කරන වාර්තාව බදු අය කර ගැනීමේ දී සුළු පරිමාණ මාධ්‍ය පරිමාණ හා මහා පරිමාණ වශයෙන් නිෂ්පාදකයන් වර්ග කර නොමැති බවයි වාර්තා වන්නේ.
සුරාබදු දෙපාර්තමේන්තුවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේ මේ බව සඳහන්ව තිබෙනවා.
Leave a Reply