Loading...

පාසල් සිසුවියක් සමුහ දුෂණයකට ලක් කිරීමේ සිද්ධියකට තරුණයින් 5 දෙනෙක් අත්අඩංගුවට

හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ දී 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් සමුහ දුෂණයට ලක්කළ බව පැවසෙන තරුණයින් පස්දෙනෙක් අද (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශනය ඒකකය පැවසුවේ අදාළ සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු නීතිඥවරයෙක් මාර්ගයෙන් හංවැල්ල පොලීසියට අද (22) උදෑසන භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන සැකකරුගෙන් ප්‍රශ්ණ කිරීමේදී අනාවරණය වූ කරුණු මත අනෙක් සිව්දෙනා අත්අඩංගුවට ගත් බවයි.

වයස අවුරුදු 21 සහ 24 කඩුවෙල නවගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සැකකරුවන් හෙට (23) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *