2024 වර්ෂයට අදාළව දෙවන විදුලි ගාස්තු සංශෝධනය 22.5%ක් කින් පහත දමන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ ගෘහස්ත විදුලි ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වා අඩුකර ඇති බවයි.
මේ අනුව ගෘහස්ත විදුලි ඒකක 30 – 60ත් අතර අගය රුපියල් 20 සිට රුපියල් 9 දක්වා අඩු කර ඇති අතර එය 55%ක අඩුවීමක්.
ඒකක 30ක් භාවිතා කරන පාරිභෝගිකයෙකුගේ මාසික විදුලි බිල්පත් අගය මේ අනුව රුපියල් 280ක් වන බවද එම කොමිසම නිවේදනය කරනු ලබනවා.
මේ අනුව ගෘහස්ත, ආගමික ස්ථාන, හෝටල්, කර්මාන්ත, පොදු කාර්ය හා රාජ්‍ය ආයතන යන සියලු පාරිභෝගික කාණ්ඩවල විදුලි ගාස්තු හෙට සිට අඩු වනු ඇති.
Leave a Reply