Loading...

බැකෝ සමන්ට අයත් සුඛෝපභෝගී බස් රථ 2ක් සොයා ගනී

බැකෝ සමන්ට අයත් රුපියල් කෝටි 8කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී බස් රථ 2ක් සොයා ගැනීමට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය සමත්ව තිබෙනවා.

ඉන් එක් බස් රථයක් කටුනායක පිහිටි විදේශිකයන්ට ප්‍රවාහන පහසුකම් සපයන ආයතනයකට ලබාදී ඇති බව සඳහන්.

එහි වටිනාකම රුපියල් කෝටි 5කට අධික බවද වාර්තා වන්නේ.

තවද රුපියල් කෝටි 2.5ක් පමණ වටිනාකමින් යුත් අනෙක් බස් රථය මොනරාගල – කොළඹ අතර මඟී ප්‍රවාහනය සඳහා යොදවා තිබෙනවා.

මෙහි එක් බස් රථයක් බැකෝ සමන් අත්අඩංගුවට ගැනීමට ගැනීමට සති දෙකකට පෙර මිලදී ගෙන ඇති බව වාර්තා වනවා.

තවද එම බස් රථ දෙක වෙනත් අයගේ නම් යොදා ගෙන මිලදී ගෙන ඇති බවද පොලිස් විමර්ශනවලදී හෙළිව ඇති බව සඳහන්.

කෙසේ වෙතත් පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ බස් රථ තමාට අයත් බවට බැකෝ සමන් පිළිගෙන තිබෙනවා.

කෙසේ වෙතත් පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ බස් රථ තමාට අයත් බවට බැකෝ සමන් පිළිගෙන ඇත.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *