Loading...

ඡන්ද පෝස්ටර් ගලවන්න කම්කරුවන් 1500ක්

මැතිවරණ ඉලක්ක කර ගනිමින් නීති විරෝධීව ප්‍රචාරය කරනු ලබන දැන්වීම් ඉවත් කිරීම සඳහා දිවයින පුරා පොලිස් ස්ථාන වෙත කම්කරුවන් 1500කට අධික ප්‍රමාණයක් බඳවා ගැනීමට සිදුව තිබෙනවා.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර මහතා මේ බව සඳහන් කළා.

මේ අතර ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව් වෙත ලැබී ඇති පැමිණිලි ගණන 900 ඉක්මවා ගොස් ඇති බවද කොමිසම නිවේදනය කර තිබෙනවා.

මෙහිදී ලැබී ඇති මුළු පැමිණිලි ගණන 901කි.

ඉන් වැඩිම ප්‍රමාණයක් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථාන වෙත ලැබී ඇති බවයි කොමිසම වැඩිදුරටත් කියා සිටියේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *