Loading...

ඉන්දියාවේ මඟී ප්‍රවාහන යාත්‍රාවක අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙක් මරුට

ඉන්දියාවේ මුම්බායි වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශයේ දී මඟී ප්‍රවාහන යාත්‍රාවක එරට නාවික හමුදා බෝට්ටුවක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියගිය පුද්ගලයින් අතර ඉන්දීය නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙක් ද වන බවයි.

එම යාත්‍රාවට වේගය පාලනය කරගත නොහැකිව මඟී ප්‍රවාහන නෞකාව ගැටී තිබෙනවා.

අනතුරෙන් මඟී යාත්‍රාවේ සිටි පුද්ගලයින් 100 දෙනෙකුට අධික පිරිසක් මුදා ගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ කටයුතු කර ඇති බ වාර්තා වනවා.

නාවික යාත්‍රාවේ එන්ජිමේ සිදුවූ දෝෂයක් මෙම අනතුරට හේතුව වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර මේ සම්බන්ධව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *