Loading...

ස්වීඩනයේ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11ක් මරුට

ස්වීඩනයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙක් මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ස්ටොක්හෝම් අගනුවරට බටහිරින් පිහිටි ඔරෙබ්‍රෝ රිස්බර්ග්ස්කාහි උසස් අධ්‍යාපන ආයතනයක මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි.

වෙඩි වැඳීමෙන් තුවාල ලැබූ බොහෝ පිරිසක් රෝහල් ගත කර ඇති බවත් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවත් එරට ආරක්ෂක අංශය සඳහන් කරනවා.

ස්වීඩනයේ අග්‍රාමාත්‍ය උල්ෆ් ක්‍රිස්ටර්සන් ප්‍රකාශ කරන්නේ එරට ඉතිහාසයේ දරුණුතම සමුහ වෙඩි තැබීම මෙය ලෙස හැඳින්විය හැකි බවයි.

මියගිය පිරිස අතර වෙඩික්කරු ඇති බවද සඳහන් වනවා.

එම සැකකරු මෙම වෙඩි තැබීම සඳහා කුමන වර්ගයේ ගිනි අවියක් භාවිත කළා ද යන්න සහ වෙඩි තැබීම සිදුකළ අයුරු පිළිබඳව තොරතුරු අනාවරණය වී නොමැති බවද විදෙස් වාර්තා පෙන්වා දෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *