පොලීසිය සමඟ හටගත් ගැටුමකින් ඉන්දියාවේ මනිපූර් දී කුලී කැරලිකරුවන් 10 දෙනෙක් මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ගැටුමෙන් ඉන්දියාවේ මධ්‍යම පොලිස් බලකායේ සෙබලෙකු තුවාල ලබා ඇති බවයි.
මනිපුර් පරිබාම් ප්‍රදේශයේ පොලිස් ස්ථානයකට කැරලිකරුවන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි අවස්ථාවේදී මෙම ගැටුම හටගෙන ඇති බව සඳහන්.
මෙම ගැටුමෙන් පසුව පොලීසිය සිදුකළ සෝදිසි මෙහෙයුමක දී AK 47 වර්ගයේ ගිනිඅවි කිහිපයක් සහ RPG අවියක් ද සොයාගත් බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා වන්නේ.








Leave a Reply