Loading...

ජනාධිපතිවරණය පවත්වනවා – රනිල් යළිත් කියයි

අයවැයෙන් මුදල් වෙන්කර ඇත්තේ ජනාධිපතිවරණයට පමණක් බැවින් අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහතිකයක් ලබාදී තිබෙනවා.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයා මෙම සහතිකය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ඊයේ (22) පස්වරුවේ පවත්වා තිබෙනවා.

මෙහිදී වසර දෙකක කාලයක් ආණ්ඩුව පවත්වාගෙන යාමට ලබාදුන් සහයෝගය පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපතිවරයා මෙහිදී සිය ස්තුතිය පළකර ඇති බව වාර්තා වනවා.

පසුගිය සාමය ඉතා දුෂ්කර කාලයක් වූ බව පැවසු ජනාධිපතිවරයා මේ වන විට එම දුෂ්කර කාලය ගෙවා ඇති බවද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *