ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ විස්තීරණ ණය පහසුකම යටතේ 7 වැනි සමාලෝචනය ඇගයීමට ලක් කිරීම දෙසැම්බර් 2 වැනිදා සිදු කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
විධායක මණ්ඩලය විසින් මෙම අනුමත කිරීම සිදු කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 345ක මූල්‍යාධාරයක් ලබා ගැනීමේ අවස්ථාව හිමිවන බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක ඩොලර් බිලියන 2.9ක ණය වැඩසටහන 2027 මාර්තු මාසයෙන් අවසන් වීමට නියමිතව ඇති අතර, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා පවත්වමින් සිටින අතරවාරයේ මෙම සමාලෝචනය පැවැත්වීමට නියමිතයි.
ඉකුත් ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 7 වැනි සමාලෝචනයට අදාළ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට එළැඹ තිබුණා.







Leave a Reply