Loading...

යෝජිත ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පත ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූලව සංශෝධනය කරන්න

රජය විසින් යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූල වන පරිදි සංශෝධනය කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

එම සංවිධානයේ විශේෂඥයින් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කර ඇත්තේ, 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට යෝජනා කිරීම අගය කරන බවයි.

අදාළ පනත මඟින් මීට පෙර සුළුතර ප්‍රජාවන්, මානව හිමිකම් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ සිවිල් සමාජය වෙත විවිධ හිංසනයන් එල්ල වූ බව එම විශේෂඥයින් පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත් කර ඇති නව පනත් කෙටුම්පත තුළ යහපත් ප්‍රවණතාවක් පැවතිය ද, කඩිනමින් විසඳිය යුතු තීරණාත්මක ගැටලු කිහිපයක් පවතින බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරනවා.

*එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන ප්‍රධාන නීතිමය අඩුපාඩු

අධිකරණ පාලනය සහ අධීක්ෂණය: රඳවා තබා ගැනීමේ නියෝග, කඩිනම් සහ ඵලදායී අධිකරණ පාලනයකට මෙන්ම අධීක්ෂණයකට යටත් විය යුතුය.

සමාලෝචන කමිටුවේ ස්වාධීනත්වය: රඳවා තබා ගැනීම් සම්බන්ධයෙන් වන අභියාචනා විභාග කරන සමාලෝචන කමිටුව සැබවින්ම ස්වාධීන ආයතනයක් විය යුතුය.

ත්‍රස්තවාදය පිළිබඳ අර්ථ නිරූපණය: ත්‍රස්තවාදය යන්නෙහි අර්ථ නිරූපණය හිතාමතා සිදුවන මරණ හෝ බරපතළ ශාරීරික හානි සිදුකරන ක්‍රියාවලට පමණක් සීමා විය යුතු අතර, දේපළවලට සිදුවන හානි ඊට ඇතුළත් නොවිය යුතු බව එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් වැඩිදුරටත් අවධාරණය කර සිටියි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *