බොරැල්ල සහස්පුර සිරිසර උයන ක්‍රීඩාංගණයේ රැඳී සිටියදී වෙඩි වැදීමකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත කළ තරුණයින්ගෙන් තිදෙදෙන්ක්ගේ තත්ත්වය බරපතළ බව වාර්තා වනවා.
කොළඹ ජාතික රෝහලේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේ ඉන් එක් තරුණයෙකුට ගැඹුරු තුවාල සිදුව ඇති බැවින් දැනට ඔහුව සැත්කමකට භාජනය කර ඇති බවයි.
ඔවුන් තිදෙනාගේම බරපතළ තුවාල ලබා ඇති හෙයින් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද ඔහු සඳහන් කරනවා.
ඊට අමතරව තවත් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වනවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින තරුණයින් තිදෙනාට ඉදිරියේ දී තවත් සැත්කම්වලට භාජනය කළ යුතුව ඇති බවත් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව නිශ්චිතව පැවසිය නොහැකි බවත්ය.
බොරැල්ල සහස්පුර සිරිසර උයන ක්‍රීඩාංගණයේ ඊයේ (07) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් එක් තරුණයෙක් ජිවිතක්ෂයට පත් වුණා.
ඊයේ (07) රාත්‍රී 8.40ට පමණ ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් තරුණයින් 5 දෙනෙක් ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.
පොලීසිය පැවසුවේ මෙහිදී 56 ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර වෙඩික්කරුවන් පළා ගොස් ඇති බවයි.
වයස අවුරුදු 23ක් වූ කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙඩි තැබීමෙන් මියගොස් තිබෙනවා.








Leave a Reply