Loading...

ඥානසාර හිමියන් සිවුර සහිතව අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් චීවරය සහිතව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

වෛද්‍යවරයෙකු වන බී. ඒ. රත්නපාල මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

මෙම පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තෙක් ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් හෝ බන්ධනාගාර ඇඳුමින් සැරසී, මාංචු දමා මාධ්‍යයට හෝ මහජනතාවට ප්‍රදර්ශනය කිරීමෙන් වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව, බන්ධනාගාර රීතිවල 156(2) වගන්තිය මඟින් අවසර දී ඇති සීමාව ඉක්මවා උන්වහන්සේගේ රුව ඡායාරූපගත කිරීම, වීඩියෝගත කිරීම, සංසරණය කිරීම, බෙදාහැරීම හෝ ඒ සඳහා අවසර ලබාදීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *