හැමෝම 2024 ජනාධිපතිවරණයට ලෑස්ති වෙන ගමන් නෙහ් ඉන්නේ මේ ටිකේ.
ඉතින් මට හිතුණා ඡන්ද ප්‍රතිඵල හරියට කියවන හැටි හැමෝටම කියලා දෙන්න.
මොකද ඡන්ද ප්‍රතිඵල ප්‍රතිශත ඉදිරිපත් කරන ආකාර දෙකක් තියෙන නිසා වැරදි නිගමනවලට කවුරු හරි එන්න පුළුවන් නිසා.
මෙහි තිබෙන සර්වත්‍ර කුලකය තමයි “ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව” (Registered Votes).
ඒ කියන්නේ ඡන්දේ දාන්න සුදුසුකම් ලැබූ සංඛ්‍යාව.
එයින් යම් පිරිසක් ඡන්දේ දාන්න යන්නේ නෑනේ.
ඉතිරි ඡන්දේ දාන්න යන අය තමයි “ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව” (Polled Votes) වෙන්නේ.
ඔය ප්‍රකාශ කරන ඡන්දවලින් යම් ප්‍රමාණයක් විවිධ හේතු නිසා අවලංගු වෙනවා.
ඒ ටික තමයි “ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව” (Rejected Votes) වෙන්නේ.
ඉතිරි ඡන්ද සංඛ්‍යාව තමයි “වලංගු ඡන්ද සංඛ්‍යාව” (Valid Votes) වෙන්නේ.
මේ ඡන්ද ටික තමයි ජය පරාජය තීරණය කරන්නේ.
දැන් ඡන්ද ප්‍රතිඵල ප්‍රතිශත ප්‍රකාශ කරන ආකාර 2 ගැන බලමු.
1 වන ආකාරය
——————–
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව (Rejected Votes) සහ වලංගු ඡන්ද සංඛ්‍යාව (Valid Votes),
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් (Polled Votes) ප්‍රතිශතයක් ලෙස දැක්වීම.
2 වන ආකාරය
——————–
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව (Rejected Votes) සහ වලංගු ඡන්ද සංඛ්‍යාව (Valid Votes),
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් (Registered Votes) ප්‍රතිශතයක් ලෙස දැක්වීම.
*** විශේෂයෙන්ම කියන්න ඕනේ කාරණයක් තමයි ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම විසින් ඉදිරිපත් කරන ඡන්ද ප්‍රතිඵල මේ ආකාර 2 ම යොදා ගනිමින් ප්‍රකාශ කිරීම.
ඒ නිසා ඒ දිහා දැඩි අවධානයක් දෙනවා නම් හොඳයි. ***
එක් එක් අපේක්ෂකයා විසින් ලබා ගත් ඡන්ද සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කරද්දී වෙන්නේ,
එක් එක් අපේක්ෂකයා විසින් ලබා ගත් ඡන්ද සංඛ්‍යාව,
වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් (Valid Votes) ප්‍රතිශතයක් ලෙස දැක්වීම.

Leave a Reply