Loading...

කඩුගන්නාව මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කිරීමට තීරණයක්

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව සහ ගනේතැන්න අතර මාර්ග කොටසේ එක් මංතීරුවක් පමණක් විවෘතව තැබීමට තීරණය කළ බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසනවා.

ගල් පෙරළීමේ සහ පස් කඳු කඩා වැටීමේ අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් අදාළ ස්ථානවල සිදු කළ විශේෂ ස්ථානීය පරීක්ෂණවලින් අනතුරුව මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත්, ඉදිරියේදී වර්ෂාව පැවතුණහොත් ආරක්ෂිත පියවරක් ලෙස රාත්‍රී කාලයේදී මාර්ගය යළි වසා තැබීමට තීරණය කර ඇති බව ද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවා.

එමෙන්ම, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන හැකි තාක් දුරට වෙනත් විකල්ප මාර්ග භාවිත කරන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලුම රියදුරන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

“මහනුවර ප්‍රධාන මාර්ගය අද උදෑසන 6.00ට අපි තාවකාලිකව විවෘත කරනු ලැබුවා. මාර්ග සංවර්ධන අධිකාරිය, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලීසිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා ඇතුළු පිරිසක් අද උදෑසන එක්ව එම ප්‍රදේශයේ භූමිය පරීක්ෂා කළා.

ඒ අනුව ඔවුන්ගේ නිර්දේශය මත අද දිනයේ එක් මංතීරුවක් විවෘත කිරීමට අපි කටයුතු කරනවා. මේ වන විට එය විවෘත කර තිබෙනවා.

ඒ වගේම එම ස්ථානයේ ගල් සහ පස් ඉවත් කිරීමේ කටයුතු සිදුකරන නිසා රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා, එම මාර්ගයේ ධාවනය හැකි තරම් සීමා කර විකල්ප මාර්ග භාවිත කරන ලෙස. එසේ නොවුණහොත් වාහන තදබදයක් ඇතිවෙන්න පුළුවන්.

ඒ වගේම හවස් වරුවේදී හෝ රාත්‍රී කාලයේදී අධික වැසි තත්ත්වයක් ඇති වුවහොත්, මාර්ගයේ ගමන් කරන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රාත්‍රී කාලයේදී මාර්ගය වසා තැබීමට අපට සිදුවේවි.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *