Loading...

ඉන්දීය ණය ආධාර යටතේ මහවැලි ගඟ හරහා නව දුම්රිය පාලමක්

මහනුවර නගර ප්‍රදේශය ආවරණය වන පරිදි පුළුල් තදාසන්න දුම්රිය ජාලයක් සංවර්ධනය කිරීමේ අරමුණින් නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා වන ශක්‍යතා අධ්‍යයනයක් මේ වන විට ක්‍රියාත්මක වන බව වාර්තා වනවා.

ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන විෂය පථයට පහත සංවර්ධන කටයුතු ඇතුළත් වනවා,

පේරාදෙණිය හරහා කඩුගන්නාව සිට ගම්පොළ දක්වා: ප්‍රධාන දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත් කිරීම.

පේරාදෙණිය සිට කටුගස්තොට දක්වා: මාතලේ දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත් කිරීම.

පවතින තනි දුම්රිය මාර්ගය හේතුවෙන් මතුවී ඇති ධාරිතා අවහිරතාවන් ඉවත් කර, දුම්රිය ජාලයේ විශ්වසනීයත්වය හා සම්බන්ධතාව වැඩි දියුණු කිරීම සඳහා මෙම සංවර්ධන කටයුතු අත්‍යවශ්‍ය වන බව පෙන්වා දී ඇත.

ඒ අනුව, ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් හානි වූ දුම්රිය යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම හා සංවර්ධනය කිරීම සඳහා වන ඉන්දීය ණය ආධාර යෝජනා ක්‍රමය යටතේ මූල්‍ය ආධාර ලබාගැනීමට කටයුතු කර තිබෙනවා.

එම අරමුදල් මඟින් මාතලේ දුම්රිය මාර්ගය ජාතික දුම්රිය ජාලය සමඟ සාර්ථකව ඒකාබද්ධ කිරීම සඳහා සරසවි උයන සහ පේරාදෙණිය අතර මහවැලි ගඟ හරහා නව දුම්රිය පාලමක් ඉදි කිරීමට ද නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *