Loading...

පඩි වැඩි කරන පනත පාර්ලිමේන්තුවට

2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන සංශෝධිත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

2024.03.25 වනදා රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ සඳහා අනුමැතිය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජාතික අවම වේතනය 17500 දක්වාත්, ජාතික අවම දෛනික වේතනය රුපියල් 700ක් දක්වා වැඩි කිරීමට හැකිවන පරිදි 2016 අංක 03 දරන සේවයකන්ගේ ජාතික අවම සංශෝධනය වනු ඇති.

නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා මේ අනුව නීතිපතිගේ අවසරය ලැබී ඇති බව සඳහන්.

අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *