Loading...

නායයෑම් අවදානම තවදුරටත් ඉහළට – දිස්ත්‍රික්ක 3ක රතු නිවේදන දීර්ඝයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නායයෑම් රතු නිවේදන හෙට (05) පෙරවරු 9.00 දක්වා දීර්ඝ කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, උඩුදුම්බර සහ පස්බාගේ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව හා නෝර්වුඩ් ප්‍රදේශ සඳහා මෙම රතු මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් බලපැවැත්වෙන බවයි.

ඊට අමතරව, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසකට දෙවන මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා.

එමෙන්ම, කෑගල්ල, හඟුරන්කෙත, නිවිතිගල සහ කුරුවිට ඇතුළු ප්‍රදේශ කිහිපයකට පළමු මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් ද තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දී තිබෙනවා.

අවදානම් ප්‍රදේශවල ජනතාව විමසිලිමත්ව කටයුතු කරන ලෙසත්, බලධාරීන්ගේ උපදෙස් පිළිපදින ලෙසත් එම සංවිධානය වැඩිදුරටත් ඉල්ලා සිටියා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *