Loading...

නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසගේ නඩුවට නීතිපති උපදෙස් තාමත් නෑ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15ක මුදලක් පෞද්ගලික සමාගමක ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් පිරිසකට එරෙහිව සිදු කරන විමර්ශනවලට අදාළව මෙතෙක් නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබී නොමැති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද (29) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

මෙම නඩුකරය අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ අතර, ඇප මත මුදා හැර සිටින සෙසු සැකකරුවන් වන සුජානි බෝගොල්ලාගම, නිත්‍ය සමරනායක සහ සුදර්ශන බණ්ඩාර යන අය අධිකරණය හමුවේ පෙනී සිටියා.

යහපාලන රජය සමයේ මෙම විමර්ශනය ආරම්භ කර 2016 වසරේදී විමර්ශන කටයුතු අවසන් කර උදෘත නීතිපතිවරයා වෙත යොමු කර තිබූ නමුත්, ඒ පිළිබඳව නීතිපතිවරයාගෙන් මෙතෙක් උපදෙස් ලැබී නොමැති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට ප්‍රකාශ කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, මෙම නඩුකරය ලබන පෙබරවාරි මස 11 වනදා යළි කැඳවීමට නියෝග කළ අතර, එදින නීතිපති උපදෙස් ලබාගැනීමේ ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස ද පොලිසියට නියම කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *