සහල් බෙදා දීමේ ජාතික වැඩසටහන යටතේ සහල් කිලෝ 10ක් ලබාදීමට පෙර අඩු ආදායම්ලාභී එක් අයකුගෙන් රුපියල් 100ක මුදලක් අය කරගෙන ඇති බව දිඹුලාගල මනම්පිටිය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන් චෝදනා කරනු ලබනවා.
ඔවුන් පවසන්නේ එම මුදල් ලබාදීම අපොහොසත් පුද්ගලයින්හට සහල් කිලෝ 10ක ප්‍රමාණයක් නොලැබෙන බවයි.
ඉදිරියේ පැවැත්වෙන අවුරුදු උත්සවයට සහභාගී වන ආරාධිත අමුත්තන් සංග්‍රහ කිරීම වෙනුවෙන් එවැනි මුදලක් එකතු කරන බවයි සමෘද්ධි කුඩා ගම්මාන සමිතියේ සභාපති ජී.පි. තුෂාරි මහත්මිය කියා සිටියේ.
අඩු ආදායම්ලාභී පවුල්වල පෝෂණ තත්ත්වය වර්ධනය කිරීමේ අරමුණු කරගත් සහල් බෙදා දීමේ ජාතික වැඩසටහනට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක වනවා.
ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල සහ වැලිකන්ද යන කොට්ඨාසවල අඩු ආදායම්ලාභීන්ට සහල් කිලෝ 10 ප්‍රමාණයක් ලබාදීමේ වැඩසටහන පසුගිය 21 වනදා ආරම්භ කෙරුණා.
මෙම චෝදනාව පිළිබඳව මාධ්‍ය කළ විමසීමකදී දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ සහල් ලබාදීමේදී මුදල් එකතු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බවත්, තමා විසින් එලෙස මුදල් එකතු කිරීම සඳහා කිසිවෙකුට උපදෙස් ලබා නොදුන් බවත්, එලෙස යම් මුදලක් එකතු කරනු ලබන්නේනම් ඒ සම්බන්ධව තමාව ලිඛිතව දැනුම්වත් කලහොත් ඒ පිලිබඳව සොයාබලා ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට සූදානම් බවත්ය.
තොරතුරු මුලාශ්‍ර – ලංකාදීප
Leave a Reply