යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට අධි චෝදනා පත්‍ර භාර දීමෙන් අනතුරුව ඔවුන් ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (04) නියම කළා.
ඔවුන් දෙදෙනාට චෝදනා එල්ල වී ඇත්තේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේයි.
නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ එම අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණය විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා ඉදිරියේ භාරදීම සිදු වුණා.
මෙහිදී විත්තිකරුවන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද නියම කෙරුණා.
මේ අනුව පුර්ව නඩු විභාග මැයි මස 30 වනදා පැවැත්වීමට අධිකරණය නියම කළා.
Leave a Reply