ලෝක ප්‍රසිද්ධ අමෙරිකානු ගායක ඇලොයි බ්ලැක් (Aloe Blacc) මහතා ශ්‍රී ලංකාවේ දින තුනක සංචාරයක් සඳහා අද (10) දින උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා.
ඔහු ලෝකයේ රටවල් 22ක ගීත දර්ශකවල ඉහළම ස්ථානයේ පසුවන අතර අමෙරිකාවේ ග්‍රැමී සම්මාන උළෙලේ නිර්දේශිත නාමයන් අතර මුලින්ම සිටින්නෙකි.
ජනාධිපති, විද්‍යා සහ තාක්ෂණ ජ්‍යෙෂ්ඨ උපදේශක අමෙරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතාගේ ආරාධනාවක් අනුව ඔහු මෙරටට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයෝජන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා සාකච්ඡා කිරීමට ඒ මහතා මෙලෙස මෙරටට පැමිණ ඇති බව සඳහන්.
Leave a Reply