Loading...

විමල් නිදොස් කොට නිදහස් වෙයි

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාට විරුද්ධව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ආගමන විගමන පනත යටතේ පවරා තිබූ නඩුවෙන් අද (01) දින ඔහු නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

ඒ ඊට අදාළ නඩුව අද (01) කැඳවූ අවස්ථාවේදීයි.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස විරවංශ මහතා 2015 වසරේ ඔක්තෝම්බර් 23 වන දින අක්‍රීය ගමන් බලපත්‍රයක් රැගෙන විදෙස් ගත වීමට පැමිණි බව පවසමින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ආගමන විගමන පනත යටතේ ඒ මහතාට එරෙහිව නඩු පවරා තිබුණා.

තවද මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ ගමන් බලපත්‍රය අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර හෝ ව්‍යාජව සැකසු එකක් නොවන බවද ආගමන විගමන නිලධාරීන් සාක්ෂි ලබාදෙමින් අධිකරණය ඉදිරියේ පිළිගෙන තිබෙනවා.

ඒ අනුව මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉල්ලා සිටියේ මන්ත්‍රීවරයා නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සිටියා.

අදාළ ඉල්ලීම සළකා බැලු මීගමුව මහේස්ත්‍රාත්වරයා විමල් විරවංශ මහතා නිදොස් කොට නිදහස් කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *