තාක්ෂණික ශිල්පීන්ගේ සේවක හිඟය හේතුවෙන් ඉදිරියේ දී දුම්රිය ධාවනය අර්බුදයකට ලක්විය හැකි බව දුම්රිය තාක්ෂණික ශිල්පීන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති එච්.ආර්.පී.උදයසිරි මහතා කියා සිටියේ ශිල්පීන්ගේ හිඟය පියවීමට කඩිනම් සිදු කළොත් දුම්රිය ධාවනය අර්බුදයකට ලක් නොවුණු ඇති බවයි.
දිනපතා දුම්රිය ඇති වන දෝෂයන්ට විසදුම් ලබාදීමට නොහැකි තත්ත්වයක් මේ වන විට ඇති වීම හේතුවෙන් ජනතාව කුපිත වී බැන වැදීම් සිදු වන බවද ඔහු සඳහන් කරනවා.
ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පුහුණුව ලැබූ පිරිස් මේ කටයුතු සඳහා වහාම බඳවා ගෙන අදාළ ගැටළුවට තිරසාර විසඳුමක් ලබා දෙන ලෙසයි.
Leave a Reply