නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවේ අද (18) නැවතත් සලකා බැලීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක් කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (18) සවස 2ට රැස්වෙන බවයි.
නීතිපතිවරයාට සේවා දීර්ඝයක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය සලකා බැලීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මීට පෙර අවස්ථා දෙකකදී රැස් වුවද අවසන් තීරණයක් ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.
නීතිපතිවරයාට ලබන දෙසැම්බර් මස 31 වනදා තෙක් සේවා දීර්ඝයක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා මෙම නිර්දේශය ඉදිරිපත් කර තිබෙනවා.
නීතිපතිවරයාගේ සේවා කාලය ලබන 26 වනදා අවසන් වීමට නියමිතයි.
Leave a Reply