Loading...

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් පහ කිරීමේ යෝජනාව ඉදිරිපත් වීම සමඟ එම ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකු අතර සීතල යුද්ධයක් ආරම්භ වී ඇති බව වාර්තා වනවා.

පොලිස් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් පහ කිරීමේ යෝජනාව ඉදිරිපත් වීමත් සමඟම එම ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකු අතර සීතල යුද්ධයක් ආරම්භ වී ඇති බවයි.

මේ අනුව දැනට වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන ප්‍රියන්ත වීරසූරිය, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායක( පරිපාලන),සංජීව මැදවත්ත , රන්මල් කොඩි තුවක්කු, සංජීව ධර්මරත්න, කිත්සිරි ජයලත් සහ එම්ජීආර් එස් දමින්ද යන නිලධාරීන් පොලිස්පති ධූරය සඳහා යෝජනා වී තිබෙනවා.

මීළඟට පත්වීමට නියමිතව ඇත්තේ මෙරට දී 37 වන පොලිස්පතිවරයායි.

දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව යෝජනාව සම්මත වුවහොත් ජනාධිපතිවරයා විසින් ඔහු අනිවාර්යෙන්ම එම ධුරයෙන් ඉවත් වනු ඇති.

ඉන්පසුව මීළඟට පත් කෙරෙන පොලිස්පතිවරයා ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නිර්දේශ කිරීමට නියමිතයි.

රජයේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මීළඟ පොලිස්පති ධූරය සඳහා චෝදනාවලින් තොර කාර්යක්ෂම අත්දැකීම් සහිත නිලධාරියකු පත් කිරීම ජාතික ජන බලවේග රජය බලාපොරොත්තුවෙන් සිටින බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *