සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වුණු දෙවන විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 7ක පහසු ජයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (28) රාත්‍රීයේ සමත් වුණා.
මෙම ජයග්‍රහණය සමඟ ඉන්දීය කණ්ඩායම තරඟ 3කින් සමන්විත තරඟාවලිය 2-0 ඉදිරියෙන් පසු වෙනවා.
මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී ඊයේ (28) පැවැත්වුණු තරඟයේ කාසියේ දිනාගත් ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළා.
ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 161ක් රැස් කිරීමට සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු 32කින් කුසල් ජනිත් පෙරේරා ලකුණු 53ක් ලබාගත් අතර පැතුම් නිශ්ශංක ලකුණු 32ක් ලබා ගනු ලැබුවා.
ලකුණු 162ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට ඔවුන්ගේ ඉනිම ආරම්භ කර සුළු මොහොතකදී තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
ඒ හේතුවෙන් තරඟය ඩක්වත් ලුවිස් න්‍යාය යටතේ පන්දුවාර 8කදී ලකුණු 78 ක ඉලක්කයක් හිමි වුණා.
මේ අනුව ඉන්දීය කණ්ඩායම පන්දුවාර 06යි පන්දු 3කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 81ක් ලබා ගනිමින් තරඟය ජය ගැනීමට සමත් වුණා.
Leave a Reply