අද (28) උදෑසන බොරැල්ල කනත්ත හන්දියේ සිදුවූ මාරක අනතුර පිළිබඳව අත්අඩංගුවට ගත් දොඹකරයේ රියදුරු ගංජා මත්ද්‍රව්‍ය පානය කර සිට ඇති බව තහවුරු වී තිබෙනවා.
අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේ දී මේ බව අනාවරණය වී ඇති බව සඳහන්.
බොරැල්ල කනත්ත හන්දියේ දී අද (28) උදෑසන මාරක අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 7 දෙනෙක් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
පොලීසිය පැවසුවේ අනතුරින් තුවාල ලැබූ එක් අයෙක් රෝහල් ගත කිරීමේ දී මියගොස් ඇති බවයි.
තුවාලකරුවන් අතරින් දෙදෙනෙක් කාන්තාවන් වන බවත් අනෙක් පස් දෙනාම පිරිමි පුද්ගලයින් වන බවත් සඳහන් වනවා.
අද (28) උදෑසන රාජගිරිය දෙස සිට බෞද්ධාලෝක මාවත දෙසට ධාවනය වෙමින් තිබූ දොඹකරයක් කනත්ත වටරවුමේ මාර්ග සංඥා අසළ නවතා තිබු යතුරු පැදි 6ක සහ මෝටර් රථ 3ක් ගැටි අනතුර සිදුව තිබුණා.
මෙලෙස අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 62ක් වූ අතුරුගිරිය ප්‍රදේශයේ පුද්ගලයෙකි.
අනතුර සිදුකළ දොඹකරයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර දොඹකරයේ තිරිංග අක්‍රිය වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සැකපළ කරනවා.
බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.








Leave a Reply