Loading...

කොල්ලුපිටියේ ප්‍රසිද්ධ කැසිනෝ ශාලාවකින් හමුවූ දේ

නීතිවිරෝධී ලෙස මත්පැන් කවුන්ටර් පවත්වාගෙන ගිය කොල්ලුපිටියේ පිහිටි සුප්‍රසිද්ධ කැසිනෝ ශාලාවක් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වටලා තිබෙනවා.

මෙම වැටලීම සිදුකර තිබුණේ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට ලද තොරතුරකට අනුවයි.

මෙහිදී තීරුබදු නොගෙවූ විදෙස් මත්පැන් බෝතල් 100ක් සොයාගෙන තිබෙනවා.

ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 25කට අධික බවයි වාර්තා වන්නේ.

මහල් 5කින් සමන්විත අදාළ කැසිනෝ ශාලාවේ සෑම මහලකම පිහිටි කවුන්ටර මඟින් ඊට පැමිණෙන සාමාජිකයින්ට නොමිලේ මත්පැන් ලබාදීම සිදුකර තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ ස්ථානයට නිකුත් කර ඇති මත්පැන් බලපත්‍රය මඟින් පවත්වාගෙන යාමට නම් එක් මත්පැන් කවුන්ටරයක් පමණක් බවයි.

මේ අනුව මෙමඟින් රටට විශාල බදු හානියක් සිදුවන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *