ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2022/2023 මුල්‍ය වර්ෂයේ දී රුපියල් බිලියන 73.3ක පාඩුවක් ලබා ඇති බව වාර්තා වනවා.
මුදල් අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති අවසාන අයවැය තත්ත්වය සම්බන්ධ වාර්තාවේ මේ බව සඳහන්ව තිබෙනවා.
එම වාර්තාවට අනුව විනිමය අලාභය හා පොලී පිරිවැය 2022/2023 මුල්‍ය වර්ෂයේ දී රුපියල් බිලියන 51.4ක් දක්වා 130.5%කින් ඉහළ යෑම හේතුවෙන් මෙම අලාභය සිදුව ඇති බවද සඳහන්.
කෙසේ නමුත් අදාළ මුල්‍ය වර්ෂයට සාපේක්ෂව මෙම මුල්‍ය වර්ෂයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලබා ඇති පාඩුව 56%කින් අඩුවී තිබෙනවා.
2022/2023 මුල්‍ය වර්ෂයේ දී ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 372.5 ආදායමක් උපයා ඇති අතර සංචාරක කර්මාන්තයේ වර්ධනය සමඟ ගුවන් මඟී ආදායම රුපියල් බිලියන 293.3ක් දක්වා වැඩිව ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ගුවන් සමාගම විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු රුපියල් බිලියන 102.5ක හිඟ මුදල පියවීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත මහා භාණ්ඩාගාරයෙන් අවශ්‍ය ප්‍රතිපාදන ගුවන් සමාගම වෙත ලබාදී තිබුණා.
ගුවන් සමාගමේ මූල්‍ය තිරසාරභාවය ඇතිකිරීම සඳහා නව ආයෝජක අරමුදල් සපයා ගැනීම වෙනුවෙන් ගුවන් සමාගමේ අයිතිය බැහැර කිරීමට රජය මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
Leave a Reply