විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමන්ට රට බේරගන්න උදව් කළහොත් ඔහුගේ තහනම් කර ඇති එජාප සාමාජිකත්වය නැවත ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ මහනුවර අද (14) පැවැති ජනරැලියට එක්වෙමින්.
තමා මේ වන විට ආර්ථික අර්බුදයෙන් රට බේරාගෙන ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.
“දැන් දූෂණයට විරුද්ධව සටන් කරන්න ඕනෑ යැයි සමගි ජන බලවේගය පවසනවා. සජබෙ සමඟ එකතුවී දූෂණයට විරුද්ධව සටන් කරන්න මම සූදානම්. නමුත් ඊට එක් කොන්දේසියක් තියෙනවා සජිත් පාසල් වලට දෙන බස් ගන්න සල්ලි දුන්නේ කවුදැයි හෙළි කළ යුතුයි.”
Leave a Reply