Loading...

විමර්ශකයන් ඉෂාරා හොයා ගියහම හමුවූ දේ

ගණේමුල්ල සංජීව නැමැත්තා ඝාතනයට සම්බන්ධ වී මේ වන විට සැඟව සිටින ඉෂාරා සෙව්වන්දි නැමැති කාන්තාව අනුරාධපුර නගරයේ හෝටලයක සිට බවට තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබෙනවා.

පොලීසිය පැවසුවේ එහිදී ඇයගේ රුවට බෙහෙවින් සමාන කාන්තාවක් සමඟ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බවයි.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර් සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ සැඟව සිටින ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි පිළිබඳව සාර්ථක තොරතුරක් ලබාදෙන අයෙකුට රුපියල් 12ක මුදල් ත්‍යාගයක් ලබාදෙන බවද පොලිස් මුලස්ථානය පවසනවා.

පසුගිය පෙබරවාරි මස 19 වනදා අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය තුළදී සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා වෙඩි තබා ඝාතනය කළා.

අදාළ වෙඩි තැබීම සිදුකරන ලද වෙඩික්කරුට ආධාර අනුබල ලබාදුන් ප්‍රධාන සැකකාරිය වන්නේ පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නැමති වයස අවුරුදු 25 ක් වන කාන්තාවකි.

තොරතුරු ලබා දිය හැකි දුරකතන අංක –

අධ්‍යක්ෂ,කොළඹ අපරාධ කොට්ඨාසය – 071-8591727

ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය – 071-8591735

එමෙන්ම තොරතුරු ලබාදෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ඇති බවද දැනුම් දී තිබේ.

එම ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන සිදුකරමින් පවතී.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *