මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් අද (21) දිනයට පෙර ඉවත් නොවුනහොත් කිසිඳු දැනුම් දීමකින් තොරව නිවාසවල විදුලිය සහ ජලය සැපයුම විසන්ධි කරන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා.
මේ බව මන්ත්‍රී නිවාසවල රැඳී සිටින මන්ත්‍රීවරුන් 35 දෙනාට ලිඛිතව දැනුම් දීමක් සිදු කරන බවද එම මහත්මිය සඳහන් කරනවා.
ඊයේ (20) දිනය වන විට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් මන්ත්‍රීවරුන් 80 දෙනෙක් පමණ ඉවත්ව ගොස් තිබුණා.
9 වන පාර්ලිමේන්තුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීරණයේ නිල නිවාසවල තවදුරටත් රැඳී සිටීමට අවසර ලබාදී තිබුණේ මහ මැතිවරණය පැවැත්වුණු පසුගිය 14 වනදා තෙක් පමණි.
පාර්ලිමේන්තු නිලධාරීන් පෙන්වා දෙන්නේ පසුගිය මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ හිටපු මන්ත්‍රීවරුන්ට පමණක් එම නිවාස සංකීර්ණයේ තවදුරටත් රැඳී සිටීමට හැකියාවක් ඇති බවයි.
මේ අතර මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස නවක මන්ත්‍රීවරුන්ට ලබාදීම සඳහා ඒවා පිළිසකර කිරීමේ කටයුතු මේ දිනවල ආරම්භ කර තිබෙනවා.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස 110ක් පවතින අතර ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි පළමුවෙන්ම ඉල්ලීම ඉදිරිපත් වන අනුපිලිවෙල අනුව ලබාදෙනු ඇති.
Leave a Reply