තම බිරිඳ සහ සොහොයුරා බන්ධනාගාරගත වීම හේතුවෙන් තමන් කනස්සල්ලෙන් පසුවන බව හිටපු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන පවසනවා.
ඊයේ (06) අනුරාධපුරයේ දී මාධ්‍යයේ කරුණු දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ඔහු පෙන්වා දෙන්නේ අධිකරණ තීන්දුව පිළිබඳව සිනාවෙන්නේ කොකාට වාරයක් නම් තිත්තයාට දෙවාරයක් ඇති බව නොදන්නා පිරිස බවයි.
“සහෝදරයයි බිරිඳයි සිරගත විම පිළිබඳව මම ඉතාම කණගාටුවෙන් ඉන්නේ. එහෙම උනා කියලා මගේ දේශපාලන කටයුතු අතහරින්නේ නෑ. මම අධිකරණයේ ස්වාධීනත්වයට ඉතාම ගරු කරන පුද්ගලයෙක්.
ඊලඟට අපි මහාධිකරණයටත්, ඊලඟට ඇපිල් අධිකරණයටත් ගිහින් මේ වනවිට අපි සහනයක් ඉල්ලා තියනවා. මේ වගේ දෙයක් උනාම මම දැක්කා අපිව සම්ච්චලයට පත් කරනවා. විහිළු රකනවා. අවලාද නගනවා. දේශපාලනය කරනකොට සුළු සුළු අඩුපාඩුකම් යම් යම් අයගෙන් වෙනවා. ඒකට සමච්චලයට පත් වෙන්න අධිකරණ තීන්දුවක් දුන්නම හිනාවෙන්න සමච්චල් කරන එක වැඩක් නෙමෙයි. අෂ්ඨ ලෝක ධර්මයේ හැටියට සියලු දෙනාටම මේවට මුහුණ දෙන්න වෙනවා.
තව කතාවක් තියනවානේ. කොකාට වාරයයි නම් තිත්තයට දෙවාරයයි කියලා. ඒවා නොදන්න අය තමයි අපි සමච්චලයට පත් කරන්නේ. මේවා අපිට හොඳටම හුරුයි.”
Leave a Reply