Loading...

වෙලේ සුදාට බරපතළ වැඩ සහිත සිරදඬුවමක්

හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් රුපියල් කෝටි ගණනක දේපල පිළිබඳව මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබූ චෝදනාවලට වරදකරු කෙරුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදා, ඔහුගේ බිරිඳ සහ තවත් කාන්තාවකට බරපතළ වැඩ සහිත වසර 8 බැඟින් සිරදඬුවම් නියම කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

තවද විත්තිකරුවන්ට දඩ මුදලක්ද නියම කර තිබෙනවා.

ඊට අමතරව නීතිවිරෝධී ලෙස උපයාගත් දේපළ මුදල් හා රන් භාණ්ඩ රාජසන්තක කිරීමටත් අධිකරණය විසින් නියම කර ඇති බවද සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *