ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ අද (21) ඉදිරිපත් කරනු ලැබුවා.
10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද (21) උදෑසන 10ට ආරම්භ වූ අතර කථානායකවරයා විසින් තාවකාලිකව පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවනු ලැබුවා.
ඉන්පසුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභා ගර්භය වෙත උදෑසන 11.30ට කැඳවා ගෙන එමෙන් අනතුරුව ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කර සිටියා.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව හමුවේ සිදුකළ සම්පුර්ණ ප්‍රකාශය –
අද පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂී දිනයක්. දශක ගණනාවක් දේශපාලන බලය ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකක හුවමාරු වෙමින් තිබුණා. නමුත් පසුගිය මැතිවරණ වලදී එම බලය අප වෙත ලැබුණා.
එය පාර්ලිමේන්තු ඉතිහාසයේ විශේෂ අවස්ථාවක්.මේ ජනවරම කරුණු ගණනාවකින් සමන්විත වෙනවා. ප්‍රමාණාත්මක අගය ඉක්මවා යන ගුණාත්මක බවක්ද මේ ජනවාරම තුළ තිබෙනවා.
උතුර දකුණ නැගෙනහිර මෙන්ම බටහිර ආදී සියලු පලාත් ජන කණ්ඩායම් මෙම ජන වරමට දායක වී තිබෙනවා.
දැන් ජනතාවගේ පංගුව ඉටු කර හමාරයි. දැන් ජනතාව වෙනුවෙන් අපේ පංගුව ඉටුකිරීමට කාලය උදාවී තිබෙනවා. ජනතාවගේ දිගු කාලීන ප්‍රාර්ථනයක් වූ ජාතික සමගිය ගොඩනැගීමේ කාලය දැන් උදාවී තිබෙනවා.
යළිත් අප කිසිවිටක ජාතිවාදී දේශපාලනයට ඉඩ දෙන්නේ නැහැ. කවර පන්නයේ හෝ ආගමික අන්තවාදයක් හිස ඔසවන්න ඉඩ දෙන්නේ නැහැ.අප ඇති තරම් ජාතිවාදී ජාතිවාදී අර්බුද නිසා පීඩාවට පත්වුණා.
අනාගත දරු පරම්පරාවට එවැනි රාජ්‍යයක් යළි බිහි නොකිරීමේ වගකීම අපට තිබෙනවා.
ජනතාවගේ ප්‍රධාන මූල්‍ය බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි.එය තවදුරටත් ජනතාවගෙන් විතැන් වූ, ඈත් වූ පාර්ලිමේන්තුවක් බවට පත් කිරීමට තවදුරටත් ඉඩ දිය යුතු නැහැ.
මේ අලුත් පාර්ලිමේන්තුවක් යහපත් පුරුදු වේගයෙන් පුරුදු කළ හැකි පාර්ලිමේන්තුවක් බවට පත්වේවි.
යළි පාර්ලිමේන්තුව අලුත් ගුණයකින් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා සහාය දෙන්න.
පාර්ලිමේන්තුව තවදුරටත් ජනතාවට සැඟවුණු ගුහාවක් නොවේ.මෙහි සියලු දේ ජනතාවට විවෘතයි.අප මහජන නියෝජිතයන් නම් අපගේ සියලුම දේ මහජන පරීක්ෂාවට ලක්විය යුතුයි.
අපට බලය ලබාදීමෙන් පමණක් ජනතා වගකීම අවසන් වන්නේ නැහැ.ඊළඟ ජනවරම තෙක් අප පරීක්ෂා කිරීමේ වගකීම ජනතාවට තිබෙනවා.
නිදහස යන දේ අප සැමට පොදු දෙයක්. යළිත් නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කළ යුතුව තිබෙනවා.
සම්මත කරන ලද නීති නිසි පරිදි ක්‍රියාවේ යෙදවිය යුතුව තිබෙනවා.මහජනතාවට නීතිය ක්‍රියාත්මක වන බවට ඒත්තු ගැන්විය යුතුයි. නමුත් පසුගිය කාලයේ ජනතාවට ඒ විශ්වාසය බිඳ වැටුණා.
කිසිම දේශපාලකයෙක් හෝ අධිකාරී බලය තිබෙන කිසි කෙනෙක් නීතියට උඩින් සිටින්නේ නැහැ. සියලු දෙනා නීතියට යටත් විය යුතුයි.
කිසි කෙනෙක් හඹා ගොස් දඬුවම් කරන්න අප කටයුතු කරන්නේ නැහැ. හැබැයි ආන්දෝලනයට ලක්වූ අපරාධ තිබෙනවා. නීතිය පිළිබඳ ජනතා විශ්වාසය ඇති කරන්න නම් ආන්දෝලනයට ලක් වූ අපරාධ සම්බන්ධයෙන් යළි විමර්ශනය කොට අපරාධකරුවන්ට දඬුවම් පැමිණවිය යුතුයි.
ආන්දෝලනයට ලක්ව තිබෙන අපරාධ වලට වගකිට යුත්තන්ට දඬුවම් කරන බවට මා ප්‍රතිඥා දෙනවා.
වැරදි කරන්න හෝ අත්වැරදීමක් හෝ කරන්න අවස්ථාවක් මේ ආර්ථිකයෙන් උරුම කර දී නෑ. ඒ නිසා ආර්ථිකය මෙහෙයවීමේදී හැම සියුම් දෙයක්ම විමර්ශනය කොට තීරණ ගත යුතුයි.
මූල්‍ය අරමුදලේ එකඟතා බිඳ දමා ඉදිරි ගමනක් නැහැ. මූල්‍ය අරමුදලේ එකඟතා අනුව අප ආර්ථිකය හසුරවන බව දැනුම් දී තිබෙනවා.
තුන්වන සමාලෝචනය ප්‍රමාද වී තිබෙනවා. මේ සතිය ඇතුළත මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතා ගිවිසුමක් 23 වැනිදා අත්සන් කිරීමට හැකි වනු ඇතැයි අප සිතනවා.
ආර්ථික දේහයේ කඩා වැටීමට පිළියම් කිරීම සඳහා නව ආර්ථික උපාය මාර්ගයකින් යුතුව කටයුතු කර යුතුව තිබෙනවා.
භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ වේගවත් ප්‍රසාරණයක් කර ගත යුතුව තිබෙනවා.
එමෙන්ම ආර්ථිකයට ජනතාව සම්බන්ධ විය යුතු ජනතාව පිටමං කරන ලද ආර්ථිකයකින් අපට පලක් නෑ. එසේ නැතිනම් ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාවට ලැබෙන්නේ නැහැ.
අප මොනතරම් නිෂ්පාදනය කළත් එහි ප්‍රතිලාභ කොටසකට පමණක් උරුම වෙනවා නම් එයින් පලක් වන්නේ නැහැ. ආර්ථික ප්‍රතිලාභ සාධාරණ අයුරින් ජනතාවට ගලා යාමට සැලැස්වීම අපගේ ප්‍රතිපත්තියයි.
වෙළඳපලේ අත්‍යවශ්‍ය අංග කිහිපයක් රාජ්‍ය මැදිහත්වීමකින් පැවතිය යුතුයි. යළිත් සමූපකාර ජාලය ශක්තිමත් ලෙස ශක්තිමත් කරනවා.
සංචාරක කර්මාන්තය හරහා ඩොලර් බිලියන අටක ආදායමක් වසර තුන හතරක ආදායමක් අපේක්ෂා කරනවා.
it ක්ෂේත්‍රයේ වෘත්තීකයන් ප්‍රමාණය ලක්ෂ දෙක දක්වා වර්ධනය කරන්නට අප කටයුතු කරනවා. එයින් ඩොලර් බිලියන පහක අපනයන ආදායමක් අපේක්ෂා කරනවා.
එමෙන්ම අප රට වෙළෙඳ හා නාවික මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ විභවතාවයක් තිබෙනවා.
ණයගැති ගොවි ජනතාවක් අපට දකින්නට සිටිනවා. අප කෘෂිකර්මාන්තය සඳහා විශාල ආයෝජනයක් කර තිබෙනවා.
නමුත් අවසන් ප්‍රතිඵලය වන්නේ ණය බරිත ගොවියෙක් බිහි කිරීමයි.ගොවි දරිද්‍රතාවය විශාල සමාජ ඛේදවාචකයක් වී තිබෙනවා.
බීජ ගොවිපල දියුණු කළ යුතුව තිබෙනවා.කෘෂිකර්ම නවෝදයක් අත්කර ගන්නේ නැතිව ගොවි ජනතාවගේ ජීවිත ගොඩගන්න බෑ.
කෘෂි කර්මාන්තයට තවත් සහනාධාර ලබා දෙන්න අවශ්‍ය තැන් තිබේ නම් එය ලබා දෙන්නට අප කටයුතු කරනවා.
අප රට අලුත් තලයකට ඔසවා තබනවා නම් ඩිජිටල් ශ්‍රී ලංකාවක් ගොඩනැගිය යුතුව තිබෙනවා.
එමෙන්ම අප ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවනවා. එය සිදුවන්නේ පරිසරය සම්බන්ධයෙන් පමණක් නොවේ.යහපත් රාජ්‍යයක් සඳහා පුරවැසියන්ගේ යහපත් පරිවර්තනයක් අවශ්‍යයි.
ඒ නිසා යහපත් ආකල්ප වලින් යුතු පුරවැසි පරපුරක් ගොඩනැගිය යුතුයි.ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ අරමුණ එයයි.
සිනහවක් තිබෙන අනෙකා දෙස ලෙන්ගතුව බලන සමාජයක් අවශ්‍යයි.
ප්‍රධානම අභියෝගය වන්නේ දුප්පත් බව තුරන් කිරීමයි අප කිසිවකුත් වසර දහසක් ඉවත්වන්නේ නැහැ. සැමට ආ ආහාර වේලක් අධ්‍යාපනයක් නිවසක් මානසික නිදහසක් සහිත වටපිටාවක් අවශ්‍යයි.
දුප්පත් බව තුරන් කිරීම සඳහා ලබන අයවැයෙන් අස්වැසුම සාධාරණ පංගුවකින් වැඩි කරනවා. පාසල් පොත් මිලදී ගැනීම සඳහා රජයෙන් දීමනාවක් ලබාදීමටත් කටයුතු කරනවා.
එමෙන්ම අයවැය ලේඛනයේදී රාජ්‍ය සේවකයන්ට සාධාරණ වැටුප් වැඩිවීමක් ලබාදෙනවා.
ගැබිණි මව්වරුන් රක්ත හීනතාවයකින් පෙලෙනවා. ඔවුන්ට පෝෂණ ආහාර වේලක් ලබාදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරනවා.
අපේ ආණ්ඩුව සියලු පුරවැසියන් බලා ගන්නා කිසිවකුත් නොහරින ආණ්ඩුවක් බවට පත්විය යුතුයි.
රට හැර යන උන්මාදය වෙනුවට රට තුළ සිටමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙක් බවට පත්වීමේ උන්මාදයක් ඇති ඇතිවන සමාජයක් බිහි කරනවා.
ශ්‍රී ලාංකික කර්මාන්ත කරුවන් සඳහා අලුත් වෙළඳපොළ සෙවීමට තානාපති කාර්යාල මෙහෙයවනවා.
ඉක්මනින් අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ.දෙසැම්බර් මුල ඉදිරි මාස හතරක මුදල් ලබා ගැනීම සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනවා. පෙබරවාරි මුල අයවැය ලේඛනය ඉදිරිපත් කොට මාර්තු මාසයේදී එය සම්මත කරගන්නවා.
මාර්තු මාසයේ මැද භාගය එවන විට අයවැය ලේඛනය පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නවා.
මහජන අයිතිවාසිකම් රැකගැනීම වෙනුවෙන් සටන් කළ ප්‍රමුඛ පෙළේ නායකයකු මෙන්ම බැප්ටිස්ට් දේවගැතිවරයකු වූ මාටින් ලූතර් කිං ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ජනාධිපති අනුර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ අඳුරට අන්ධකාරය පලවා හැරිය නොහැක.එය කළ හැක්කේ ආලෝකයට පමණි.වෛරයට වෛරය දුරු කළ නොහැක.එය කළ හැක්කේ ආදරයට පමණක් බවයි.
Leave a Reply