Loading...

නීතිය නිවැරදිව ක්‍රියාත්මක කරන නිලධාරීන් වෙනුවෙන් පෙනී ඉන්නවා – ජනපති

ආපදා කළමනාකරණයේ දී ආයතන ව්‍යුහ ශක්තිමත් කිරීමක් පමණක් ප්‍රමාණවත් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා වැඩ බාර ගැනීමේ අවස්ථාවට අද (25) එක්වෙමින්.

ඒ අනුව බිම් මට්ටමට විසඳුම් ගෙන යාමේ යාන්ත්‍රණය ඇති කළ යුතු බවද ඔහු මෙහිදී පෙන්වා දී තිබෙනවා.

ජනාධිපතිවරයා සඳහන් කරන්නේ පළාත් පාලන ආයතන ශක්තිමත් කර අවධානම් ප්‍රදේශවල සිදුවන ආපදා වළක්වාලීම සඳහා නව විසඳුම් ලබාදීමට කටයුතු කළ යුතු බවයි.

ආපදා කළමනාකරණ නීති පද්ධතිය සකස් කර ඇත්තේ යම්කිසි අධ්‍යනයකින් පසුව බවත් එම නීති ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම නිලධාරීන්ගේ වගකීමක් බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

එලෙස ක්‍රියා කරන ඕනෑම නිලධාරියෙක් වෙනුවෙන් තමා පෙනී සිටින බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *