පිරවුම්හල් හිමියන්ට චක්‍රලේඛයක් නිකුත් කිරීම වසර 8ක කාලයක් හිතාමතාම ප්‍රමාද කර වැඩිදුර කොමිස් මුදල් ගෙවීම හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 341 කට වැඩි පාඩුවක් සිදුව ඇති බව හෙළිව තිබෙනවා.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී මෙම තොරතුරු අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් ඉන්ධන වෙනුවෙන් ජනතාවට අතිරේක බරක් දැරීමට සිදුව ඇති බව සඳහන්.
එම කමිටුව පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් එහි අලෙවි අංශයේ නිලධාරීන් වගකිව යුතු බවයි.
මේ අතර ප්‍රමාණය ඉක්මවමින් බෙදුම්කරුවන් කොමිස් ගෙවීම හේතුවෙන් මහජනතාවට ඉන්ධන සඳහා අතිරේක පරිවැයක් දැරීමට සිදුවීම සම්බන්ධව කෝප් කමිටුවේ අප්‍රසාදය පළවී තිබෙනවා.
2024 සිට 2022 අතර කාලයේදී මෙම පාඩුව සිදුව ඇති බව සඳහන්.
අදාළ වංචාව පිළිබඳව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධව වාර්තාවක් දින 7ක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස එම කාරක සභාව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නිර්දේශය කර තිබෙනවා.
සංස්ථාවේ නිලධාරීන් කළ මෙම වංචාව හේතුවෙන් පාරිභෝගික ජනතාව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකට රුපියල් 5.85ක් ද 95 පෙට්‍රල් ලීටරයකට රුපියල් 7.50ක් ද ලෙඩ් සඳහා රුපියල් 5.88ක්ද එල්.එස්.ඩී සඳහා රුපියල් 6.96ක මුදලක්ද වැඩිපුර ගෙවන බවද මෙහිදී හෙළිව ඇත.
තවද මෙම වංචාවට වගකිව යුතු නිලධාරීන් මේ රටේ නොමැති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් ලැයිස්තුව ඇතුළත් සවිස්තර වාර්තාවක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව නිර්දේශ කර තිබෙනවා.
Leave a Reply