Loading...

රටක් ලෙස ජයග්‍රහණ රැසක් අත් පත් කර ගනිමින් මෙවර අලුත් අවුරුද්ද සමරනවා – ජනපති

භෞතිකව හා ආධ්‍යාත්මිකව අලුත් වීමේ අපේක්ෂාව සංකේතවත් කරන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අප මෙවර සමරන්නේ රටක් ලෙස ජයග්‍රහණය රැසක් අත්පත් කර ගනිමින් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ අගාධයට ඇද වැටී තිබු අප රට පසුගිය මාස කිහිපය තුළ නැවත ගොඩනඟමින්, ආර්ථික, සමාජයීය සහ දේශපාලනික වශයෙන් නව තලයකට ඔසවා තැබීමට අපි සමත් ව සිටන බවයි.

අභියෝග හමුවේ නොසැලි රට වෙනුවෙන් අපගේ වගකීම තවත් ශක්තිමත්ව ඉටු කිරීමේ ධෛර්ය වගකිව යුතු රජයක් ලෙස අප සතුව අතර රට ඉදිරියේ ඇති සියලු ආකාරයේ අභියෝග ජය ගැනීමට අවශ්‍ය සැලසුම් රජය මේ වන විට ක්‍රියාවට නංවමින් සිටි බව සිය අලුත් අවුරුදු පණිවිඩය නිකුත් කරමින් ජනපතිවරයා පවසනවා.

රටට අවැසි නව ආර්ථික, සමාජයීය සහ දේශපාලනික පරිවර්තනයක් සාක්ෂාත් කෙරෙන ජාතික වැඩපිළිවෙළ සාර්ථක කර ගනිමින් රටත්, ජනතාවත් දිනවීම පිණිස මේ එළැඹෙන අලුත් අවුරුද්දේ තවත් සවිමත්ව, සහෝදරත්වයෙන් එකම අරමුණකට පෙළගැසෙන්නට ආරාධනා කරන බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *