Loading...

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.

එම අධිකරණය හමුවේ විභාග වන නඩුවක් සඳහා අද (28) දින පෙනී නොසිටීම හේතුවෙන් මොහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව සඳහන්.

2017 වසරේ හම්බන්තොට වරාය විදෙස් රටවලට පැවරීමට එරෙහිව පැවැති විරෝධතාවක දී අධිකරණ නියෝග නොතකමින් කටයුතු කිරීම සම්බන්ධව නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව අදාළ නඩුව ගොනු කර තිබුණා.

පොලීසිය සඳහන් කළේ මෙම නඩුව අද (28) කැඳවූ අවස්ථාවේ මන්ත්‍රීවරයා අධිකරණයට හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට නියෝග කර ඇති බවයි.

කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ වන විට විදෙස් ගතව සිටින බව ද වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *