පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍යයා අර්චුනා රාමනාදන්ට යාපනයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (26) නියෝග කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් බේස්ලයින් මාර්ගයේදී මෝටර් රථයක් අනතුරට ලක්කර එහි ගමන් ගත් පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවක් අද කැඳවූ අවස්ථාවේදී සැකකාර මන්ත්‍රීවරයා අධිකරණයේ පෙනීම සිටීම හේතුවෙන් මෙම වරෙන්තු නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
Leave a Reply