අමෙරිකාව විසින් පාකිස්ථානය සඳහා නව සංචාරක උපදේශන මාලාවක් නිකුත් කර තිබෙනවා.
එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ තම පුරවැසියන් පාකිස්ථානයේ සංචාරය කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම් ඒ සම්බන්ධව නැවත සලකා බලන ලෙසයි.
පාකිස්ථානයේ බලුකිස්තානය සහ කයිබර් පක්තුන්ක්වා පළාත්වල අන්තවාදී කණ්ඩායම් ප්‍රහාර සැලසුම් කරන බවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇති බව සඳහන්.
අදාළ ප්‍රදේශවල සන්නද්ධ ගැටුම් ඇතිවීමේ හැකියාවක් ඇති බවද එහි දක්වා තිබෙනවා.
අමෙරිකාව පවසන්නේ ප්‍රවාහන මධ්‍යස්ථාන, සාප්පු සංකීර්ණ, හමුදා ස්ථාන, ගුවන්තොටුපළ, විශ්වවිද්‍යාල සහ පූජනීය ස්ථාන වැනි විවිධ ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ලවිය හැකි බවයි.
කෙසේ නමුත් ත්‍රස්තවාදීන් සුළු හෝ අනතුරු ඇඟවීමකින් තොරව එම ප්‍රහාර එල්ල කළ හැකි බවද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වැඩිදුරටත් අවධාරණය කර ඇති බව වාර්තා වනවා.
Leave a Reply