නියමිත කාලයේ දී වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25 දෙනෙකුට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100කට ආසන්න පිරිසකට අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දැනුම් දීම මත කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අවවාද ලිපි යවා තිබෙනවා.
වත්කම් බැරකම් පනත අනුව සෑම මන්ත්‍රීවරයෙකු සෑම වසරකම මාර්තු 31 වනදා පැවතුණු සියලු වත්කම් සම්බන්ධව විස්තර සෑම වසරකම ජුනි මස 30 වනදාට පෙර කථානායකවරයාට භාර දිය යුතු වනවා.
මේ අතර පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ ජුනි මස 30 වැනිදාට වත්කම් බැරකම් ප්‍රකාශ භාරදීමට නොහැකිව ජූලි මස 1 වෙනිදා සිට අගෝස්තු 31 වැනිදා දක්වා කාලයේදී වත්කම් බැරකම් ප්‍රකාශ බාරදෙන මන්ත්‍රීවරුන්ගෙන් දඩ මුදලක් අය කෙරෙන බවයි.







Leave a Reply