Loading...

මාලිමාවේ කොළඹ පුරපති අපේක්ෂිකාව ලෙස ව්‍රායි කැලී බල්තසාර් නම් කරයි

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂිකාව වශයෙන් ජාතික ජන බලවේගයෙන් ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ජාතික ජන බලවේගය පැවැත්වූ ජන හමුවකට එක්වෙමින්.

“අපේ පළාත් පාලන ආයතනවල ලොකුම එක තමයි කොළඹ මහ නගරසභාව.

ඒක පුංචි ආණ්ඩුවක් වගේ තියෙන්නෙ. ඉතින් දැනටමත් කොළඹ මහ නගරසභාවේ නගරාධිපති අපේක්ෂිකාව ව්‍රායි බල්තසාර් සහෝදරිය.

අපි ඇයව ජයග්‍රහණය කරවන්න මේ සභාව දිනන්න ඕනෙ අපි.

ඒ වගේම හැම සභාවක්ම ජයග්‍රහණය කරලා පාර්ලිමේන්තුවේ, අමාත්‍ය මණ්ඩලයේ, අගමැති තනතුරේ කාන්තා නියෝජනය හදාගත්තා වගේම බිම් මට්ටමේ කාන්තා නායකත්වය අපි අත්පත් කරගන්න ඕනෙ”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *