රුපියල් කෝටි 7කට ආසන්න මුදල් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධව සැකකරු ලෙස නම් කර සිටින ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතා රහස් ප්‍රකාශයක් සිදු කිරීමට කර තිබෙන ඉල්ලීම ලබන 18 වනදා සිදු කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ඊට අදාළ පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ මහත්මිය ඉදිරියේ අද (13) කැඳවනු ලැබුවා.
කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයේ පෙනී සිටියේ නැහැ.
මේ අනුව මහේස්ත්‍රාත්වරිය නියම කළේ තමන්ට මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ රහස්‍ය ප්‍රකාශයක් සිදු කිරීමට අවශ්‍ය බවට සැකකරු විසින් සිදුකර තිබෙන ඉල්ලීම මීළඟ නඩු දිනයේ ඉදිරිපත් කරන ලෙසයි.
Leave a Reply